2014-01-09

ඇමැති මර්වින් සිංගප්පූරුවේදී හදිසි අනතුරකට ලක්වේ - පාදයකට ශල්‍යකර්මයක්

මහජන සම්බන්ධතා හා මහජන කටයුතු පිළිබඳ අමාත්‍ය මර්වින් සිල්වා මහතා සිංගප්පූරුවේදී හදිසි අනතුරකට ලක්‌වීම නිසා පාදයේ ආබාධයක්‌ ඇතිවී ශල්‍යකර්මයකට භාජන කර ඇති බව වාර්තා වනවා. සිංගප්පූරුවේ සුපිරි වෙළෙඳසලක ස්‌වයංක්‍රීය පියගැට පෙළකදී කුඩා දරුවකු අනතුරකට ලක්‌වීමට ගිය විටෙක අමාත්‍යවරයා එම දරුවා බේරාගැනීමට තැත් කිරීමේදී ඔහු මෙම අනතුරට මුහුණපා තිබෙනවා.
අමාත්‍යවරයාගේ පාදයක්‌ පියගැටපෙළේ සිරවී ඇදවැටීමෙන් ආබාධයට ලක්‌වීම නිසා විශේෂ සැත්කමක්‌ සඳහා ඔහු සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇත. සැත්කමෙන් පසු අමාත්‍යවරයා 05 දා යළි දිවයිනට පැමිණිය ද තවමත් රෝගී තත්ත්වයෙන් පසු වනවා.
ප්‍රතිකාර ලබමින් සිටින මර්වින් සිල්වා ඇමැතිවරයාගේ සුවදුක්‌ විමසීම සඳහා මැති ඇමැතිවරුන් රැසක්‌ පසුගිය දින කීපය තුළ ඔහුගේ නිවසට ගොස් ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.