2014-01-11

දීපිකා 28 සමරයි

රේස් 2, යේ ජවානි හේ දිවානි, චෙන්නායි එක්ස්ප්‍රස්, රාම් ලීලා ආදී චිත්‍රපට තුළින් ක්ෂේත්‍රයේ නොමැකෙන ලෙස නම රඳවා ගත් සුන්දර නිළිය දීපිකා පදුකෝන් ජනවාරි 05 දා සිට 28 වැනි උපන් දිනය සැමරුවා.  දීපිකා පළමුව ජනප්‍රිය වූයේ නිරූපිකාවක වශයෙනි. ඇගේ පොටෝජෙනික් රුව විසින් චිත්‍රපට නිර්මාණකරුවන්ගේ අවධානය ඇය වෙතට යොමු කරවනු ලැබිණි. ෆාරා භාන්ගේ ඕම් ශාන්ති ඕම් චිත්‍රපටයේ ශාරුක් ඛාන් සමග රඟපාමින් ඇය සිය සිනමා ජීවිතය ඇරඹුවාය. ඒ සමගම චිත්‍රපට ඇය සොයාගෙන පෝලිමේ පැමිණියේය. බච්නා ඒ හසිනෝ, කොක්ටේල්, කාර්තික් කෝලින් කාර්තික්, ලව් ආජ් කල් මේ අතරින් කිහිපයකි. 
ජනප්‍රිය නළු රන්වීර් සිංගේත් ඇගේත් සම්බන්ධයද ගැටලුවකින් තොරව ගලාගෙන යයි. ඇය සුන්දර වූත් පැහැදිළි වූත් අනාගතයකට හිමිකම් කියන බව ඇගේ උපන් දිනයට සුබපතන්නෝ පවසති.


No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.