2014-01-21

අසභ්‍ය චිත‍්‍රපට නැරඹූ මව සහ දියණිය අධිකරණයට

අසභ්‍ය චිත‍්‍රපට නරඹමින් අශෝභන ලෙස හැසිරුණු එකම පවුලේ මව, දියණිය සහ තවත් පිටස්තර පුද්ගලයෙකු හොරණ මහේස්ත‍්‍රාත්  අධිකරණයට අද ඉදිරිපත් කෙරෙනවා. අසල්වාසියෙකුගෙන් ලැබුණු තොරතුරකට අනුව ඉකුත් 6 වෙනිදා පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගත්තේ මිල්ලනිය ප‍්‍රදේශයේ නිවසකදීයි. ඊට පසුදිනම පළමු වරට අධිකරණයට ඉදිරිපත් කරනු ලදුව ඔවුන් අද දිනය දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඔවුන් සමග තවත් පුද්ගලයින් දෙදෙනෙකු ද අයථා සම්බන්ධතා පවත්වා ඇතැයි සඳහන්. වැටලීම සිදුකරන අවස්ථාවේ එම පුද්ගලයින් දෙදෙනා පලා ගිය බවත්, ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බවත්, පොලිසිය කියා සිටියා. අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන සිටින මවගේ වයස අවුරුදු 44ක් වන අතර, දියණියගේ වයස අවුරුදු 14ක්. ඇගේ පියා විදෙස් ගතව සිටිනවා. 
Source - Nethfm.com

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.