ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ කීර්තිනාමයට හා ගෞරවයට හානි වන ලෙස අග‍්‍රාමත්‍ය හා බුද්ධශාසන අමාත්‍ය දි. මූ ජයරත්න මහතා විසින් සිදු කළ අපහාසයට වන්දි වශයෙන් රුපියල් බිලියනයක් ඉල්ලා සෝභිත හිමියන් විසින් එන්තරවාසියක් යවා තිබෙනවා.
දින 14ක් ඇතුළත එම මුදල ගෙවීමට අග‍්‍රාමාත්‍යවරයා අපොහොසත් වුවහොත් ඔහුට එරෙහිව නඩු පරවා එම මුදල් අය කර ගැනීමට කටයුතු කරන බව ජාතික හෙළ උරුමය පවසනවා.
අග‍්‍රාමාත්‍යවරයා විසින් කුඩා කන්ටේනරයට සම්බන්ධ සිද්ධිය මුල් කොටගෙන 2014 01 01 දින ගම්පොළ ජාතික උරුම මධ්‍යස්ථානයේ දී සෝභිත හිමියන්ට අපහාසයක් වන ලෙස සිදු කරන ලද ප‍්‍රකාශය දින 14ක් ඇතුළත ඉල්ලා අස් කර ගැනීමට කටයුතු කර සංඝරත්නයෙන් සමාව ගන්නැයි ජාතික හෙළ උරුමය මීට පෙර කරන ලද ඉල්ලීම අග‍්‍රාමාත්‍යවරයා නොතකා හැරීම හේතුවෙන් එන්තරවාසියක් යැවීමට කටයුතු කළ බව ජාතික හෙළ උරුමය පවසා සිටියි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.