2014-04-20

බිකිනියක් ඇන්දත් නිරුවත් නම් වෙන්නේ නැහැ

බිකිනියක් හැඳ රඟපාන්නට හෝ සිප ගන්නා දර්ශනවලට පෙනී සිටින්නට තමා පසුබට නොවන නමුදු නිරුවත් දර්ශනවලට නම් කිසිසේත්ම කැමැත්තක් නොදක්වන බව යොවුන් බොලිවුඩ් නිළි ආලියා භාත් පවසනවා.

ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර්  චිත්‍රපටයේ ආලියා බිකිනියක් හැඳ රඟ පා තිබෙනවා. එසේම සෝටි චිත්‍රපටයේ මෙන්ම නුදුරේදී තිරගත වීමට නියමිත ටූ ස්ටේටස් චිත්‍රපටයේද සිපගන්නා දර්ශනවලට පෙනී සිටියාය. 

"නිරුවත් දර්ශනයකට නම් මම කවදාවත් පෙනී සිටින්නේ නෑ..... ඒ වගේ දෙයක් ගැන හිතද්දිත් මට දැනෙන්නෙ අපහසුවක්...." පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ආලියා පවසා තිබෙනවා. 

ටූ ස්ටේටස් හි සිප ගන්නා දර්ශනය යොදා ඇත්තේ විවාහ වීමට සිටින නූතන යුවළකගේ සමීපත්වය අඟවන්නට මිස චිත්‍රපටය ජනප්‍රිය කර ගන්නා අරමුණකින් නොවන බව ආලියා කීවේ මාධ්‍යවේදියකුගේ ප්‍රශ්නයකට පිළිතුර වශයෙනි. 

"ඒ සිප ගැනීමේ දර්ශනය තියෙන්නෙ තත්පර කිහිපයක් විතරයි.... විවාහ වෙන්නට ආසන්න යුවළක් ආදරයෙන් බැඳී සිටීම අත්‍යවශ්‍ය දෙයක්... ඒ බව අඟවන්නටයි ඒ දර්ශයනය යොදාගෙන තියෙන්නේ. ඒක පවුලේ චිත්‍රපටයක්. හැමෝම ඒ දර්ශනය උපේක්ෂාවෙන් රසවිඳියි කියල මම හිතනවා. ඇත්තටම සිප ගැනීමක් කියන්නේ හෙළා දැකිය යුතු දර්ශනයක් නෙමෙයි..." යන්නයි ඇයගේ අදහස වන්නේ. 








No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.