2014-04-20

ෆේස්බුක් පෙම්වතා ගලේවෙල පොලීසියේ

ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය මගින් තරුණියක් හඳුනාගෙන ඇය සමග පේ‍්‍රම සබඳතාවක් පවත්වා පසුව ඇයගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරිමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගැනුණු තරුණයා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. 19 හැවිරිදි අදාල තරුණයා ඇහැලියගොඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.  ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය හරහා ගලේවෙල ප‍්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියක සමග ඔහු පේ‍්‍රම සබඳතාවක් ඇතිකර ගෙන තිබෙනවා. වසරකට ආසන්න කාලයක් දෙදෙනා එම සබඳතාව පවත්වා ගෙන ගොස් ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙන්නේ. පසුව තරුණිය එම පේ‍්‍රම සබඳතාව නතර කර තිබෙනවා. ඉන් සිත්තැවුලට පත් තරුණයා අදාල තරුණියගේ නිරුවත් ඡායාරූප කිහිපයක් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් හරහා අන්තර්ජාලයට මුදාහැර ඇති බවයි පොලිසිය පැවසුවේ.  එමෙන්ම ඔහු අදාල තරුණියට අවස්ථා කිහිපයක දී දුරකථනය ඔස්සේ තර්ජනය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් තරුණිය ගලේවෙල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට කරන ලද පැමිණිල්ලකින් පසු උපාය දූතයෙකු යොදවා සැකකරු අත්අඩංගුවට ගැනුණා. මේ වන විට ඔහුගෙන් ප‍්‍රශ්න කිරිම් සිදු කෙරෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.