"ෂව්කීන්" චිත්‍රපටයේ දරශන තලයකදී ආක්ෂේ කුමාර් විසින් ඔහුගේ සහය නිළි ලීසා හේඩ්න් ෂැම්පේන්වලින් නාවනු ලැබිණි. ඇය හැඳ සිටි රෝස පාට කොට ගවුම එහෙම පිටින්ම ෂැම්පේන් වලින් තෙත බරිත වූයේය. ලීසා දැඩි ලෙස කෝපයට පත් වුවත් ආක්ෂේ ඇයට ෂැම්පේන් ඉසීම නතර කළේ නැත. සිනමා කණ්ඩායම පවා අන්දුන්කුන්දුන්ව බලා සිටියේ ආක්ෂේගේ මේ හැසිරීම අදහා ගත නොහැකිවය.
කර කියා ගත හැකි දෙයක් නොවූ ලීසා වහා දිව ගියේ ඇගේ බඩු බාහිරාදිය සහිත රියටය. ඇඳුම් මාරු කරගෙන කොණ්ඩය නැවත සකසාගෙන ආලේපන ද තවරාගෙන ඊළඟ දර්ශනය සඳහා සූදානම් වන්නට ඇයට පැයකට අදික කාලයක් ගත වී තිබෙනවා.
මේ සිද්ධිය ඇති වූයේ ඇල්කොහොලික් නමැති ගීතයට රංගනයේ යෙදෙන අවස්ථාවේදීය. එය නැටුම් නිර්මාණ ශිල්පී අහමඩ් ඛාන්ගේ අදහසක් බැව් පසුව ආක්ෂේ පැවසීය. එහෙත් ලීසා ඒ පිළිබඳ හාංකවිසියක්වත් දැන සිටියේ නැත.
"ලීසාට නොකියා ඒ විදිහට කළේ එතකොට එයාගේ මූණේ ඇති වෙන හැඟීම් ඒ විදියටම රූගත කර ගන්න ඕන වුණ හින්දයි...." අහමඩ් පවසා තිබේ.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.