2014-04-28

සිරකරුවන් නටවා ආණ්ඩුව කෝටි 7ක් හොයලා

බන්ධනාගාර රැඳවූවන් වැඩ සහන සේවාවන්හි යෙදවීමෙන් හා රැඳවූවන්ගේ නැටුම් කණ්ඩායම්වලින් ඉකුත් වසරේදී රුපියල් කෝටි 7ක වාර්තාගත ආදායමක් උපයා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. 

අවුරුදු 3ට අඩු සිර දඬුවම් විඳින සිරකරුවන් රාජ්‍ය ආයතනවල පවිත්‍රතා සේවාවන්හි යෙදවීම හා නැටුම් කණ්ඩායම් පිටස්තර සංදර්ශන හා උත්සව සඳහා ලබාදීමෙන් මෙම ආදායම ලබාගැනීමට හැකි වී තිබෙනවා. දුම්බර හා මහර බන්ධනාගාරවල මෙම නැටුම් කණ්ඩායම් පිහිටුවා ඇතැයිද එම දෙපාර්තමේන්තුව පවසනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.