දැරියක් රවටාගෙන ත්‍රිරෝද රථයකින් ගාල්ලේ නවාතැන්පළකට ගෙන ගොස් ඇය සමූහ දූෂණයකට ලක්‌කර ඇති බවට ගාල්ලෙන් වාර්තා වනවා. මෙලෙස දූෂණයට ලක්ව ඇත්තේ ගාල්ල බටදූව ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයක් නැරඹීමට පැමිණි 14 හැවිරිදි ගාල්ල, පිලාන, මොරගොල්ල ප්‍රදේශයේ පදිංචි දැරියකි.
බටදූව ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයක් නැරඹීමට ගොස් තිබෙන මෙම දැරිය අවුරුදු උත්සවයට සහභාගි වී සිටි තරුණයන් කීපදෙනකු සමඟ හිතවත්කමක් ඇති කරගෙන ඇති බවයි වාර්තා වන්නේ. අනතුරුව ඔවුන් ඇයට මෙලෙස පවසා තිබෙනවා.
"මේ ඔයා හරි ලස්‌සනයි. ඔයාට අවුරුදු කුමරිය වෙන්න පුළුවන්. අප ඔයාව අවුරුදු කුමරිය තරගයට දානවා. ඔයාට ඇඳුම් අරන් දෙන්න අපිත් එක්‌ක ගාල්ලේ රෙදි කඩේකට ගිහින් එමු.." යෑයි කියූ තරුණයන් දැරිය රවටාගෙන නවාතැන්පළකට රැගෙන ගොස් අතවර කර අතරමඟ දමා ගොස් තිබෙනවා. ගම්වාසීන් පිරිසක් මේ ගැන පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිසිය පැමිණ දැරිය පොලිසිය වෙත රැගෙන ගොස් ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අක්‌මීමන පොලිසිය පරීක්‍ෂණ සිදුකරයි.
නමුත් දැරියගේ ඥතීන් පවසන්නේ මේ සම්බන්ධයෙන් පොලිස් පරීක්‍ෂණ නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවයි.
පොලීසියෙන් අප කරන ලද විමසීමකදී කියා සිටියේ මේ වන විටත් පොලීසිය පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතින බවයි.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.