බොලිවුඩ් පුරවරයේ වැඩිපුරම කතාබහට ලක්වෙන තනිකඩයා බවට පත්ව ඇත්තේ සල්මන් ඛාන්ය. වරින්වර විවිධ නිළියන් සමග ඔහුගේ සම්බන්ධකම් පැවතුණි. මෑතදී ඔහුගේ නම කියවුණේ ඩේසි ෂා සහ ලූලියා වැන්ටූර් සමගය. ඔහු පෙම් කළ සමහර නිළියන් විවාහ වී දරු සුරතල් ද බලන නමුත් සල්මන් අදටත් තනිකඩය. ඔහුගේ පියා සලීම් ඛාන් පුතුගේ තනිකඩ බව ගැන දරන්නේ මෙවන් අදහසකි.
'අපිට ජීවිතේ අවස්ථා පාලනය කරන්න පුළවන්කමක් නෑ.... ඒක රඳා පවතින්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත මත.... මම එයාගේ හඳහන බැලෙව්ව... නක්ෂත්‍රකරුවන් කියන්නේ එයාට තියෙන්නේ සාමාන්‍ය ජීවන රටාවක් නෙමෙයි කියලා... ජීවිතේ හුඟක් නැගීම් බැසීම් ගැන කිව්වත් විවාහය ගැන නම් මොකුත්ම කියන්නේ නෑ.' සල්මන්ගේ විවාහය පිළිබඳව ඔහුගේ පියාටවත් නක්ෂත්‍රකරුවන්ටවත් යමක් කිව නොහැකි නම් ඒගැන දන්නේ දෙවියන් වහන්සේම පමණක් විය යුතුය.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.