2014-06-30

ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට - තවත් දෙදෙනෙක් රෝහලට

වෙඩි තැබීමක් හේතුවෙන් කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ඇන්ඩෘෘගේ වත්ත ප්‍රදේශයේ  පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. අදාළ ‍වෙඩි තැබීම හේතුවෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල සිදුවී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසනවා. 

ඊයේ(29) පස්වරු 8.30 ට පමණ මෙම වෙඩි තැබීම සිදුවී ඇති බවත්, අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

මෙම ඝාතනය මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමක් සිදුවන්න ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.