ආගමික අන්තවාදී අදහස් පැතිරවීම සඳහා ආගමකට අපහාස වන අයුරින් ෆේස්බුක් සමාජ ජාලයේ පිටුවක් පවත්වාගෙන ගිය පුද්ගලයකුට දකුණු දිග ඊජිප්තුවේ ලක්ෂර් අධිකරණයකින් වසර 6ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
වරදකරු වූ පුද්ගලයා 30 හැවිරිදි ඊජිප්තු ජාතිකයෙකි. වෙනත් ආගමකට අපහාස වන අයුරින් ඡායාරූප හා අපහාසාත්මක අදහස් ඇතුළත් කරුණු ප‍්‍රචාරය කිරීම ඔහුට එරෙහිව තිබූ චෝදනායි.
මේ අතර පසුගිය සඳුදා දිනයේ දී මාධ්‍යවේදියකුට ද ඊජිප්තු රාජ්‍යයේ අධිකරණයක් මගින් වසර 6ක සිර දඩුවමක් නියම කෙරුණා. ඊට හේතුවී තිබුණේ අදාළ මාධ්‍යවේදියා සිය ෆේස්බුක් ගිණුමේ කවර ඡායාරූපය සඳහා වෙනත් ආගමක ජනතාව ප‍්‍රකෝපවන සුළු ආගමික නිකායවාදී අදහස් ඇතුළත් ඡායාරූපයක් යොදා තිබීමයි.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.