මොරටුව නව ගාලූ පාරේ කොරළවැල්ල ප‍්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් පාර හරහා මාරුවීමට ගිය 7 හැවිරිදි පිරිමි ළමයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අද අලුයම පානදුර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ මෝටර් රථයක ගැටීමෙන්.
මෙම අනතුරින් තුවාල ලැබූ පිරිමි ළමයා ලුණාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවීමේදී මියගොස් තිබෙනවා.
මෙම මෝටර් රථය පදවා ඇත්තේ කොළඹ ප‍්‍රදේශයේ ගුවන් හමුදා කදවුරක සේවය කරන බලගණ නායකවරයෙක් බවද වාර්තා වනවා. මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. වැඩිදුර පරීක්ෂන මොරටුව පොලීසිය විසින් පවත්වනු ලබනවා.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.