කොළඹ සිට රත්නපුරය හරහා පැල්මඩුල්ල දක්‌වා දිවෙන නව අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කටයුතු කඩිනම් කිරීම සඳහා මාර්ග ව්‍යාපෘති යටතට ගැනෙන සියලුම රජයේ සහ පුද්ගලික ඉඩම් සති 26 කදී වන්දි ගෙවා රජයට පවරා ගැනීමට තීරණය කර ඇතැයි වරාය සහ මහාමාර්ග ව්‍යාපෘති අමාත්‍ය නිර්මල කොතලාවල මහතා ඊයේ (21 දා) පැවසුවා.
වැඩිදුරටත් කරුණු දැක්‌වූ අමාත්‍යවරයා පැවසුවේ ඉඩම් අත්පත්කර ගැනීමේ පනතට අනුව පුද්ගලික ඉඩමක් රජයට පවරා ගැනීමට අවම වශයෙන් සති 72 ක් වැනි එය දීර්ඝ කාලයක් ගත්වන බවයි. එම නිසා ඉඩම පවරා ගැනීමේ කටයුතු සති 26කදි සිදුකිරීමට අපි කැබිනට් මණ්‌ඩල අනුමැතිය ලබා ගෙන ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
වන්දි ගෙවීමේදී රජයේ තක්‌සේරු වටිනාකම මෙන්ම නිවාස සහ දේපළවල වාණිජ වටිනාකමක් අපි සැලකිල්ලට ගැනෙනවා. රජය මෙම තීරණය ගත්තේ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු මේ වසර තුළම ආරම්භ කිරීමට බවද ඇමැතිවරයා පවසනවා.
කොළඹ සිට රත්නපුරය හරහා පැල්මඩුල්ල දක්‌වා දිවෙන නව අධිවේගී මාර්ගයේ මුළු දුර ප්‍රමාණය කිලෝමීටර් 71.8 ක්. මෙය නව මාර්ගය ඉදිකිරීමෙන් පසු කොළඹ සිට රත්නපුරයට විනාඩි 45 ක් තුළත් පැල්මඩුල්ලට පැයකදීත් ගමන් කිරීමට හැකියාව ලැබෙනවා.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.