2014-08-14

වෙදහාමිනේ සමුගනියි

වෙදහාමිනේ ලෙස ප්‍රචලිත වූ ප්‍රවීණ රංගන ශිල්පිනී රෙබෙකා නිර්මලී ඊයේ (13දා) අලුයම අභාවප්‍රාප්ත වූවාය.මිය යන විට හතළිස්‌ නව වැනි වියෙහි පසුවූ රෙබෙකා කලක්‌ තිස්‌සේ පිළිකා රෝගයට ගොදුරුවී මහරගම පිළිකා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියාය.

රෙබෙකා නිර්මලී ශිල්පිනිය එක්‌ දියණියකගේ මවකි. ජයන්ත චන්ද්‍රසිරිගේ "වෙදහාමිනේ" ටෙලි නාට්‍යයේ පිළිකා රෝගයට ප්‍රතිකාර කරන වෙද හාමිනේ ලෙස රඟ පෑ ඕ අවසන පිළිකා රෝගයෙන්ම අවසන් ගමන් යැම දෛවෝපගත සිද්ධියකි.

ටෙලිනාට්‍ය විශාල සංඛ්‍යාවක සහ චිත්‍රපට කිහිපයක රඟපා ඇති රෙබෙකා රෝගීවී රෝහල්ගත වනතුරු රංගන ක්‍ෂේත්‍රයට දායකත්වය ලබා දුන්නාය.

රෙබෙකා නිර්මලීගේ දේහය අවසන් ගෞරවය සඳහා අද (14දා) පෙරවරු 10.00 දක්‌වා කොළඹ ජයරත්න මල්ශාලාවේ තැන්පත්කර ඇත. ඉන්පසු දේහය කොළඹ කලාභවනේ තැන්පත් කරන අතර සවස 4.00 ට කලාභවනේ සිට බොරැල්ල කනත්ත පොදු සුසාන භූමියේදී ඇයගේ අවසන් කටයුතු සිදුකරනු ලබයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.