2014-08-12

උතුරු මැද අහසේ මහා ගිනි බෝලයක්?

විශාල ගිණි බෝලයක්  අද (11) රාත්‍රී ඉහළ අහසෙ දුටු බවත්, ඒ සමඟ පිපිරුම් ශබ්දයක් ඇසුණු බවත් කහටගස්දිගිලිය, හබරණ, පොළොන්නරුව සහ ගලෙන්බිඳුණුවැව වැසියෝ් එම පොලිසිවලට දැනුම් දී තිබෙනවා.
පුපුරා ගියේ කුමක්ද යන්න හෝ කැබලි වැටුණේ කුමන ප්‍රදේශයකට ද යන්න ගැන කිසිදු තොරතුරක් වාර්තා වී නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.
පොළොන්නරුවේ අරලගංවිල, වැලිකන්ද හා හිඟුරක්ගොඩ බටු කොටුව ප්‍රදේශයේ ද අහසේ  දීප්තිමත් ආලෝක ධාරා කිහිපයක් දුටු බවට මුලින් වාර්තා වූ නමුත් පොලිසිය පැවසුවේ රාත්‍රී 11 වන විටත් එම ප්‍රදේශවලින් එවැනි සිද්ධියක් වාර්තා නොවූ බවයි.
2012 දෙසැම්බර 09 වැනි දා පොළොන්නරුවේ අරලගංවිලට උල්කාශ්මයක් වැටී තිබුණු අතර එදින ද මෙවැනි ගිණි බෝලයක් දුටු බවට ප්‍රදේශවාසීන් කියා තිබිණි.
එය පරීක්ෂා කළ ලන්ඩනයේ තාරකා විද්‍යාඥයකු වන මාහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා කියා තිබුණේ පිටසක්වල ජීවීන් සිටින බවට තවත් සාධකයක්  එම උල්කාශ්මයෙන් හමු වූ බවයි.
එය පිටසක්වලින් වැටුණු උල්කාපතයක් නොවන බවත් එය එම ප්‍රදේශයේදි දිරා ගිය පාෂාණයක කොටස් බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මාහාචාර්ය අතුල සේනාරත්න සහ භූවිද්‍යා අංශයේ මහාචාර් රෝහණ චන්ද්‍රජිත් පැවසූහ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.