2014-08-25

හිරුණිකාගේ අයිස් බකට් එකට ලාල් කාන්ත පයින් ගහයි..

බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීනී හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය විසින් ජවිපෙ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී ලාල් කාන්ත මහතා වෙත ලබා දුන් අයිස් බකට් අභියෝගය භාර නොගන්නා බව ලාල් කාන්ත මහතා පවසයි.

ඔහු පවසන්නේ එවැනි අභියෝගයක් භාරගැනීමට තරම් සමාජ දේශපාලන වටපිටාවක් නොමැති බවත් එය බාරගත්තේ නම් ඌවේ ජනතාවට එය විහිළුවක් බවට පත්වීමට ඉඩ තිබූ බවයි.  

ලොව පුරා අන්තර්ජාලය ඔස්සේ ප්‍රකටව පවතින අයිස් බකට් අභියෝගය බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය පසුගිය දා භාරගත් අතර ඇය විසින් එජාප ඌව පළාත් සභා මහඇමැති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු, පළාත් සභා මන්ත්‍රී සෙනල් වෙල්ගම සහ ලාල්කාන්ත ට අභියෝග කලේය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.