වාරියපොළ නගරයේ බස් නැවතුම්පොලේදී උසුළු විසුළු කළැයි සෙල්වා නමැත්තකුට පහරදුන් තිළිණි අමල්කා නමැත්තිය වාරියපොළ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබෙනවා. ඇය මෙලෙස මුදා හැර ඇත්තේ රුපියල් 50000ක් වූ ශරීර ඇපයක් මතයි.
සැප්තැම්බර් මස 23 වැනිදා මීට අදාළ නඩුව යළි කැඳවීමට නියමිත ය.
තිළිණි අමල්කා ඊයේ (27) දිනයේ දී මානව හිමිකම් සංවිධානයක නීතිඥයකු සමඟ පොලිසියට භාරවීමෙන් අනතුරුව ඇය අත්අඩංගුවට ගැනිණ.
පැය 4ක කාලයක් ප‍්‍රශ්න කිරීමෙන් අනතුරුව ඇය කුරුණෑගල ශික්ෂණ රෝහලට යොමුකෙරුණේ ඇයගේ මානසික තත්ත්වය පිළිබඳ වාර්තාවක් ලබාගැනීම සඳහා යි. එහිදී වෛද්‍යවරුන් විසින් පවසා තිබුණේ ඇයගේ මානසික මට්ටම යහපත් මට්ටමින් පවතින බවයි.
අනතුරුව වාරියපොළ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇය මෙලෙස ඇප මත මුදාහැර තිබෙනවා.
මේ අතර කනේ ආබාධායක් හේතුවෙන් කුරුණෑගල රෝහලේ ප‍්‍රතිකාර ගනිමින් සිටි අමල්කාගෙන් කම්මුල් පහර කෑ සෙල්වා නමැත්තා ඊයේ (27) දිනයේ දී ප‍්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවයි රෝහල් ආරංචි පවසන්නේ.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.