කලාපීය රටවලට සාපේක්ෂව කැපී පෙනෙන ආර්ථික වර්ධනයක් ලබා තිබෙන ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 3.8 දක්වා පහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකයේ (කො.පා.මි.ද.) (2006/07=100) විචලනය මඟින් මනිනු ලබන උද්ධමනය වාර්ෂික සාමාන්‍ය පදනම මත මේ වසරේ සැප්තැම්බර් මාසයේ පැවැති සියයට 4.2 සිට ඔක්තෝබර් මාසයේ දී සියයට 3.8 දක්වා පහත වැටී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඊට අමතරව උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත මේ වසරේ සැප්තැම්බර් මාසයේ පැවති සියයට 3.5 සිට ඔක්තෝබර් මාසයේ දී සියයට 1.6 දක්වා පහත වැටී තිබෙන බවද එම බැංකුව පෙන්වා දෙයි. මෙය පසුගිය 2009 වසරේ ඔක්තෝබර් මාසයෙන් පසු වාර්තා කළ අඩුතම අගය වෙයි.
2014 ඔක්තෝබර් මාසයේ දී කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වූ සියයට 1.6ක මාසික පහත වැටීම සඳහා ආහාර හා මධ්‍යසාර නොවන පාන වර්ග අයත් උප කාණ්ඩයේ අයිතමයන්ගේ මිල ගණන් පහළයාම ප්‍රධාන වශයෙන් හේතු විය.
මේ සඳහා විදුලිය ගාස්තු, එල්.පී ගෑස් හා ඉන්ධන මිල ගණන් පහත හෙළමින් කළ සංශෝධන ප්‍රධාන වශයෙන් ඉවහල් වී තිබේ. ආහාර නොවන කාණ්ඩයේ, නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ අනෙකුත් ඉන්ධන සහ ප්‍රවාහන යන උප කාණ්ඩයන්හි මිල ගණන් 2014 ඔක්තෝබර් මාසයේ පහළ ගිය අතර රෙදිපිළි හා පාවහන්, සෞඛ්‍ය, සන්නිවේදනය, අධ්‍යාපනය සහ විනෝදාත්මක හා සංස්කෘතික යන උප කාණ්ඩයන්ගේ මිල ගණන් මේ මාසය තුළ දී ඉහළ ගියේය.
මේ අතර ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා දෛනික ගෘහ නඩත්තුව සහ විවිධ භාණ්ඩ හා සේවා යන අනෙකුත් උප කාණ්ඩයන්ගේ මිල ගණන් මේ මාසය තුළ නොවෙනස්ව පැවැතිණි. ආර්ථිකයේ යටිදැරි උද්ධමනය පෙන්නුම් කරන මූලික උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2014 සැප්තැම්බර් මාසයේ දී පැවති සියයට 3.7හි සිට ඔක්තෝබර් මාසයේ දී සියයට 3.6 දක්වා පහළ ගිය බවද මේ අතර වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය පූර්ව මාසයේ වාර්තා කළ සියයට 3.2හි සිට ඔක්තෝබර් මාසයේ දී සියයට 3.3 දක්වා ඉහළ ගිය බවද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.