ගෑස් මිල වැඩි නොකිරීම නිසා රුපියල් මිලියන 800ක පාඩුවක් ලබන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ගාමිණි සෙනරත් මහතා පවසනවා. ලිට්රෝ ගෑස් සමාගම පිහිටුවීමෙන් පසු ගෑස් මිල සංශෝධනය වූයේ අවස්ථා දෙකකදී පමණයි. එහෙත් පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ අරමුණින් මිල වැඩි කිරීමක් සිදු නොවූ බව ඔහු කියා සිටියා.
ගෑස් සිලින්ඩර ලක්ෂ 3ක් සමාගම වෙළෙඳපොළට මුදාහැර තිබෙනවා. ගෑස් අලෙවිය ටොන් එක්ලක්ෂ තිස්පන්දහසේ සිට එක්ලක්ෂ පනස් පන්දහස දක්වා වැඩි වී ඇතැයි ඔහු කියා සිටියා. හිඟයකින් තොරව ගෑස් බෙදාහැරීම සමාගමේ අරමුණ බවයි ඔහු පැවසුවේ. සභාපතිවරයා මේ බව කියා සිටියේ සමාගමේ වාර්ෂික සම්මාන ප‍්‍රදානෝත්සවයේදීයි. ඊට එක් වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ජාතික සම්පත් ආරක්ෂා කර ගැනීම වැදගත් බවයි. එ් සඳහා තීන්දු තීරණ ගැනීමේදී පසුබට නොවන බව ඔහු අවධාරණය කර සිටියා.
2011-12-18
ලිට්රෝ ගෑස් සමාගමට මිලියන 800ක පාඩුවක්
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.