එළවළු සහ පළතුරු ප‍්‍රවාහනයේ දී ප්ලාස්ටික් කූඩ භාවිතය අනිවාර්යය කිරීම ලබන ජනවාරි මස 15 වැනිදා සිට යළි ක‍්‍රියාත්මක කරන බව සමූපකාර සහ අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශය පවසනවා.
එහි ලේකම් සුනිල් එස්. සිරිසේන මහතා ප‍්‍රකාශ කළේ ඒ සඳහා ලබා දී තිබු සහන කාලය ජනවාරි 15 වැනිදා අවසන් වන බවයි. මෙම නීතිය පසුගිය 10 වැනිදා සිට ක‍්‍රියාත්මක කිරීමට සුදානම් වු අවස්ථාවේ ගොවි ජනතාවගෙන් සහ වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ එල්ල වුයේ දැඩි විරෝධයක්. ඉන් පසු පසුගිය 14 වැනිදා ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී තීරණය කෙරුණේ අදාල නීතිය ක‍්‍රියාත්මක කිරීම මසකින් කල් දැමීමටයි. ඒ අනුව අදාල ගැසට් නිවේදනය ද සංශෝධනය කෙරුණා. වෙළෙඳ ව්‍යාපාරිකයන් සහ ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහන් ද මේ වන විට ආරම්භ කර ඇතැයි අමාත්‍යංශ ලේකම්වරයා කියා සිටියා.2011-12-25
ප්ලාස්ටික් කූඩ නීතිය ජනවාරි 15 වැනිදා සිට
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.