2014-11-19

උඩු ගුවනේදී බ්‍රිතාන්‍ය කතකට ලිංගික අතවරයක් - ලාංකිකයෙක් දැලේ

ලන්ඩන් නුවර සිට ශ්‍රී ලංකාව බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක සිටි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීමට උත්සහ කළ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. 

ඊයේ(18) පස්වරුවේ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලංකාව බලා පියාසර කරමින් තිබු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකදී අදාළ සිද්ධිය සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල‍ය පැවසුවේය. 

අවුරුදු 27 වයසැති බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකට මෙලෙස ලිංගික අතවරයක් සිදු කිරීමට අදාළ සැකකරු උත්සාහකර ඇති බව වාර්තා වෙයි. 

අත්අඩංගුවටපත් පුද්ගලයා අවුරුදු 41ක් පමණ වන බවත්, ඔහු ශ්‍රී ලංකාවේ උපත ලද මේ වන විට බ්‍රිතාන්‍යයේ පදිංචි වී සිටින පුද්ගලයෙකු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.