විපක්ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරෙකුට අයත් සහල් පැටවූ ලොරි රථයකට මරඳගහමුල ප්‍රදේශයේදී ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
පොලිසිය පැවසුවේ යතුරුපැදිවලින් පැමිණි පුද්ගලයින් 7 දෙනෙකු ප්‍රහාරය එල්ල කර ඇති බවට ලොරි රථයේ රියදුරා පොලිසියට පැමිණිලි කර ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ මෙම ප්‍රහාරයෙන් ලොරි රථයේ පැති කණ්ණාඩිවලට හානි සිදු වී ඇති බවත් ලොරි රථයේ රියැදුරුට සැකකරුවන් විසින් පහරදී ඇති බවත්ය. එසේම මෙම පුද්ගලයන් හත් දෙනා සහ අදාළ යතුරු පැදි සොයා ගැනීම සඳහා මේ වන විට පරීක්ෂණ ක්‍රියාත්මක බවත් වැඩිදුර පරීක්ෂණ දිවුලපිටිය පොලීසිය මගින් සිදු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.