ආසියානු ක්රීඩා උළෙලේ ශ්රී ලංකා අංක එක කණ්ඩායම නියෝජනය කරන ගීතිකා ලලනී ගුණවර්ධන හා දිනේෂා ප්රසාදිනී දෙවැනි වටයේදී සත්කාරක තායිලන්තය සමග අද තරග බිමට පිවිසෙයි. මෙය ඉතාම තීරණාත්මක තරගයක් වන අතර මෙයින් ජයගතහොත් අවසන් පූර්ව වටයට යෑමේ අවස්ථාව හිමි වේ. ගීතිකා හා දිනේෂා ඊයේ සහභාගීවූ මැලේසියාව සමග තරගය 2-0කින් පරාජයට පත් වූ අතර එම තරගයේ ලකුණු තත්ත්වය වූයේ 21-8 හා 21-18ක් ලෙසිනි. බීච් වොලිබෝල් තරග නැරැඹීමට තායිලන්තයේ විශාල ප්රේක්ෂක පිරිසක් පැමිණෙන බැවින් ශ්රී ලංකා ක්රීඩිකාවන් දෙදෙනාට අමතර පීඩනයක් ද එල්ලවී ඇත.
තායිලන්තයේ පූකෙට් දිවයිනේ කැරෝන් බීච් වොලිබෝල් පිටියේ ඊයේ පැවැති තරග දෙකකදී ශ්රී ලංකා අංක එක කණ්ඩායම නියෝජනය කරන අසංක ප්රදීප් හා පුබුදු ඒකනයක ලෙබනනය සමග තරගය වට 2-0ක් ලෙස ජයග්රහණය කළ අතර ඉන්දුනීසියා තරගය 2-0ක් ලෙස පරාජයට පත් වූහ. අසංක හා පුබුදු කණ්ඩායම් 43ක සහභාගීත්වයෙන් පැවැත්වෙන බීච් වොලිබෝල් මූලික වටයේ තරග 5කට සහභාගීවී තරග 3ක් ජය ගැනීමට සමත්වූ අතර තරග දෙකකින් පරාජය වූහ. ලෙබනනය සමග තරගයේ ලකුණු තත්ත්වය 21-15 හා 21-18ක් වූ අතර ඉන්දුනීසියාව සමග තරගයේදී 18-21 හා 14-21ක් විය. අසංක හා පුබුදු මේ ක්රීඩා උළෙලේදී ටිමෝරය, මැලේසියාව හා ලෙබනනය පරාජය වූ අතර කසකස්තානයට හා ඉන්දුනිසීයාවට පරාජය විය.
කාන්තා බීච් වොලිබෝල් අංක දෙක කණ්ඩායමේ තක්ෂිලා ගුණසිංහ හා ශානිකා ප්රියදර්ශනී මේ ක්රීඩා උළෙලේ සහභාගීවූ සිවුවැනි තරගයෙන්ද ඊයේ පරාජයට පත් වූහ. ඊයේ පැවැති වියට්නාමය සමග තරගයේදී 21-17 හා 21-10ක් ලෙස තක්ෂිලා-ශානිකා පරාජය විය. අංක දෙක පිරිමි කණ්ඩායම සහභාගීවූ තරග හතරෙන් තරග තුනක් පරාජයවීම හේතුවෙන් ඔවුන්ටද ඉවතට යෑමට සිදු විය.
බීච් කබඩි පිරිමි පිල හා පාකිස්තානය හමුවේ ලකුණු 37-28ක් ලෙස පරාජය වූ අතර කාන්තා පිල කොරියාව හමුවේ ලකුණු 50-40ක් ලෙස පරාජය විය. පිරිමි කබඩි පිලට අද ඕමානය හමුවන අතර ඉන් ජයගතහොත් පදක්කමක් කරා යා හැකි අවසන් පූර්ව වටයට පිවිසේ. කාන්තා කබඩි කණ්ඩායම අද ආසියානු ශූර ඉන්දීය පිලට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතය.
පසුගියවර අනු ශූරයින් වූ පාකිස්තාන පිරිමි කණ්ඩායම සමග තරගයේ පළමු භාගයේදී ලකුණු17-15ක් ලෙස ලකුණු දෙකක පරතරයෙන් ශ්රී ලංකා ක්රීඩකයින් පසුපසින් සිටියද දෙවැනි භාගයේදී 20-23ක් වූ බැවින් ලකුණු පරතරය 9ක් විය. එහෙත් මෙයට පෙර පාකිස්තාන-ශ්රී ලංකා පිරිමි කබඩි කණ්ඩායම් අතර අවසන් වරට 2012 පැවැති තරගයේදී ලකුණු 35-21ක් ලෙස වැඩි පරතරයකින් පරාජයවී තිබුණි. කොරියාව සමග කාන්තා තරගයේ පළමු භාගයේදී ලකුණු 25-22ක් ලෙස ශ්රී ලංකාව ලකුණු 3ක් පසුපසින් සිටියද දෙවැනි භාගයේදී ලකුණු 18-25ක් ලෙස පසු බැසීමට ලක් විය.
සිවුවැනි ආසියානු ක්රීඩා උළෙලේ පදක්කම් සටහනේ පෙරමුණ ගත් සත්කාරක තායිලන්තය රන් පදක්කම් 34ක් රිදී පදක්කම් 14ක් හා ලෝකඩ පදක්කම් 28ක් සතුකර ගෙන ඇත. දෙවැනි ස්ථානයට චීනය පත්ව සිටින අතර රන් පදක්කම් 14ක් රිදී පදක්කම් 7ක් හා ලෝකඩ පදක්කම් 16ක් දිනා සිටී.
ජපානය රන් පදක්කම් 7ක් රිදී පදක්කම් 3ක් හා ලෝකඩ පදක්කම් 5ක් දිනා තෙවැනි ස්ථානයට පත්ව ඇත.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.