2014-11-27

රනිල් - චන්ද්‍රිකා එක්වීමෙන් රටට කිසිම සෙතක් නෑ

අමෙරිකාව ප්‍රමුඛ විදේශ බලවේගවල න්‍යාය පත්‍රයට වැඩ කරන රනිල්, චන්ද්‍රිකා සමඟ එක්වීමෙන් ජනතාවට හෝ රටට දිනාදීමට කිසිම දෙයක් නොමැති බව උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා පවසයි. රට දෙකඩ කිරීම වෙනුවෙන් පෙරමුණ සකස් කළ කිසිම කෙනෙකුට ඉදිරි දේශපාලන ගමනක් නැති බව පෙන්වා දුන් ඇමැතිවරයා රට දෙකඩ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසි කලක කටයුතු කර නැති බවද පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.

එහිදී වැඩිදුරටත් අදහසස් දැක්වූ ඇමැතිවැරයා මෙසේද කීය.

අපේ මැතිවරණ කටයුතු සූදානම් කර අවසානයි. දිස්ත්‍රික් කාර්යාල, ආසන බල මණ්ඩල කාර්යයාල විවෘත කර, ඡන්ද පළ කාර්යාල මේ වන විට විවෘත්ත කර අවසානයි. ජනතාව දැනුම්වත් කිරීමේ සියලු වැඩපිළිවෙළ සකස් කර තිබෙනවා. ගම් මට්ටමින් ආරම්භ කළ මැතිවරණ ව්‍යාපාරය ඉදිරියට ගෙන යමින් තිබෙනවා. ඒ නිසා අපේ ජයග්‍රහණය ස්ථිරයි.

පෘථිවිතලයේ දරුණුම ත්‍රස්තවාදීන් වූ එල්ටීටීඊයෙන් මේ රට බේරාගෙන රට එක්සේසත් කර සාමකාමී රටක් බිහි කළ නායකයා තමයි මහින්ද රාජපක්ෂ මහතා. මේ ලෝකේ හිටපු හමාස් ගරිල්ලන්, පිලිපීන් ගරිල්ලන්, අයර්ලන්ත ගරිල්ලන්, අල්කයිඩාව වැනි ත්‍රස්තවාදීන් සමඟ අති නවීන තාක්ෂණයෙන් සමන්විත යැයි කියන අමෙරිකාවට ත්‍රස්තාවාදය පරාජය කිරීමට හැකි වුණේ නැහැ.

ජනාධිපතිතුමා බලයට පත්වන විට තිබුණේ ඍණ ආර්ථිකයක්. මේ රටට ණයක්වත් දෙන්න කිසිම රටක් ඉදිරිපත් වුණේ නැහැ. අද වන විට මැදි ආදායම් රටක් බවට පත් වෙලා තිබෙනවා. ඩොලර් 900 තිබුණ ඒකපුද්ගල ආදායම ඩොලර් 3500 ගෙනැවිත් තිබෙනවා. ඩොලර් බිලියන 9.5කි තිබෙන විදේශ සංචිත ප්‍රමාණය බිලියන 70 දක්වා වැඩි කර ගත්තා. මේ දිහා බැලූ විට අපේ රට ආර්ථිකය වේගයෙන් ඉදිරියට ඇවිත් තිබෙනවා. රුපියල් අධිප්‍රමාණය වෙමින් තිබෙනවා. විදුලිය නැති ගෙවල් අවසන් වෙමින් යන , පැල්පත් නැතිවෙමින් යන යුගයක් බවට පත්වෙලා.

පොදු අපේක්ෂක වෙන්න ගිය අපේ හිටපු මහ ලේකම්තුමා යන විට දැනගෙන හිටියේ දින සීයකින් විධායක ජනාධිපතිකම අහෝසි කරනවා කියලා. දැන් එජාපය කියන්නේ පැය විසිහතරකින් එජාපයට ආණ්ඩු බලය අවශ්‍යයි කියා කියමින් තිබෙනවා. අද පොදු අපේක්ෂකයා භීතියට පත් වෙලා ‍මට මොකද වුණේ කියලා.

චන්ද්‍රිකා මහත්මිය බලයට පැමිණියේ දින සියෙන් විධායකය අහෝසි කරනවා කියා. නමුත් එතුමිය එසේ කළේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති වෙලා පැය විසිහතරෙන් එජාපයට බලය ලබාදීලා නාමික ජනාධිපති ලෙස පත් වුවහොත් අපෙන් ගිය අයට මොකුත් ලැබෙන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට කිසිදු දෙයක් ලැබෙන්නේ නැහැ. මේ පොදු අපේක්ෂකයාට ඡන්දය දීමට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ඡන්දය දෙන්නේ නැහැ.

චන්ද්‍රිකා මහත්මිය ගැන හොඳින් දන්නවා රනිල් වික්‍රමසිංහ මහතා. විජේතුංග ජනාධිපතිතුමාගේ කාලයේ අපේ ආණ්ඩුවට කිසිදු බලපෑමකන් තොරව කරගෙන යාමට ඉඩ දුන්නා. නමුත් ජනාධිපති චන්ද්‍රිකා මහත්මිය 2002 දී රනිල් වික්‍රමසිංහ මහත්තයට ආණ්ඩුව කරගෙන යාමට කිසිම වෙලාවක ඉඩ දුන්නේ නැහැ.

ඒ නිසා මේ එකම වේදිකාවක සිටින අය එකිනෙකා සමඟ සාමයෙන් නැහැ. හිතේ වෛරයෙන් ඉන්නේ. මෛත්‍රීපාල මහත්තයා වැඩියෙන්ම ඡන්ද ගන්න වෙන්නේ එජාපයෙන් හා දෙමළ ජාතික සනධානයෙන්. දෙමළ ජාතික සන්ධානය නිකම්ම මෛත්‍රීට සහාය දෙන්නේ නැහැ. ඔවුන් එල්ටීටීඊ තහනම ඉවත් කරන්න කියනවා. උතුරු නැ‍ඟෙනහිර ඒකාබද්ධ කරන්න කියනවා. මේවා කරන්න කොහොමද? මේ වේදිකාවේ හෙළ උරුමය ඉන්නෙ කොහොමද?

අමෙරිකාව ප්‍රමුඛ විදසේ බලවේගවලට අවශ්‍ය වෙන්නේ ත්‍රස්තවාදය මේ රටේ පතුරුවා රට අස්ථාවර කිරීමටයි. යුද්ධය යන අතර වාරයේ දී මොවුන් ප්‍රභාකරන්ව බේරගන්න උත්සාහ කළා. තිස් අවුරුදු යුද්ධයකින් පසු සාමකාමී රටක් ලැබී තිබෙනවා. එය විනාශ කිරීමට විදේස් බලපෑම් තවමත් ක්‍රියාත්මක වෙනවා. ඔවුන්ගේ න්‍යාය පත්‍රය කරගෙන යාමට චන්ද්‍රික් රනිල් ප්‍රමුඛ අය අද පෙරමුණ ගෙන සිටිනවා. ආසියාවේ නැගීසිටීම අද යුරෝපයට කරදරයක් වෙලා. ඒ නිසා ඔවුන් ආසියාවේ ස්ථිර දේශපාලන සහිත රටවල් දෙකඩ කිරීමට උත්සාහය නිරත වෙනවා. අමෙරිකාව අභිබාවා චීනය ආර්ථික වශයෙන් පෙරමුණ ගෙන තිබෙනවා.

අද ලෝකයේ හොඳම වෙළෙන්දා චීනය බවට පත් වෙලා. වියට්නාමයේ, කොරියාවේ නැගිටීම අමෙරිකාවට ප්‍රශ්නයක් වෙලා. ඒ නිසා ඔවුන් හොකකොං හරහා ආරබි වසන්තයක් නිර්මාණය කිරීමට සැලසුම් කරනවා. යුරෝපයේ ආර්ථික ඒකාධිකාරය රැක ගන්න තමයි මොවුන් මේ සියලු දේ සිදු කරමින් ඉන්නේ. ඒ සඳහා විදෙස් කුමන්ත්‍රණවලට අද මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අසුවී තිබෙනවා. නැවත යුද්ධයක් ඇති කිරීමට උතුරේ ජනතාව කැමැති නැහැ.

ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉදිරි‍යට එමින් පවතිනවා. විධායක ජනාධිපති ක්‍රමය භාවිතා කළ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ඡන්ද මංකොල්ල කෑවා. එතුමාගේ පාලනය අවසන් වෙන කොට උතුරේ සන්නද්ධ කල්ලි හයක් හා දකුණේ එක් කල්ලියක් නිර්මාණය වුණා. එජාපය එදා බිහි කළ භීෂණය වෙනත් අයට බැර කළා. ප්‍රේමදාස මහත්තයාගේ පාලන කාලයේ ඡන්දය වැඩිපුර දැම්මේ පොලිසියයි. එජාප මන්ත්‍රීවරුන්ට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරු ලබා දුන්නේ ප්‍රේමදාස මහත්තයයි.

එල්ටීටීඊයට ටී 56 දෙදෙහසක් දුන්නා. ‍පතොරම් ලක්ෂ දෙකක් දුන්නා. ලංකාවේ මුදලින් කෝටි 90ක් දුන්නා. මේ සියලු දේ කළේ ත්‍රස්තවාදය ශක්තිමත් කරන්නයි. ප්‍රේමදාස රජයට ජාත්‍යන්තරය කිව්වේ අසමත් රාජ්‍යයක් කියලයි. නමුත් මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටේ ත්‍රස්තාවය තුරන් කළා. ඒ වකවානුවේ ආර්ථික අර්බුදයක් තිබුණා. එය ජය ගැනීමට ජනාධිපතිතුමාට හැකි වුණා. අද වන විට ආර්ථික අර්බුදයට හසුවූ රටවල් තවමත් නැගිටිමින් තිබෙනවා. නමුත් චන්ද්‍රිකාගේ කාලයේ කිසිම ආර්ථික අර්බුදයක් නැති මොහොතක මේ රටේ ආර්ථිකය ඍණ ආර්ථිකයට ගෙන ඒමේ ලොක් වාර්තාව තබා තිබෙනවා. ඒ වසර 11 රට නිකම්ම ගියා පමණයි. කිසිම වැඩක් කළා කියා වත් කියන්නට බැහැ. ජනාධිපතිතුමා ලෝකයට පාඩමක් කියා දෙමින් ත්‍රස්තවාදය පරාජය කළා. කිසිම තාක්ෂණයක් නොමැතිවයි මේ දේ සිදු කළේ.

සිංගප්පූරුව, චීනය, වියට්නායම කොරියාව වැනි රටවල් ඉදිරියට එමින් තිබෙනවා. ඒ රටවල් නැගිට්ටෙව්වේ ආඥයදායකයන්. ඒ ර‍ටවලට පක්ෂ නැහැ. ඡන්ද නැහැ. ආණ්ඩුවට විරුද්ධ කිසිම මාධ්‍ය ආයතන නැහැ. නමුත් අපේ ජනාධිපතිතුමා ඡන්ද තියනවා. නිදහස් මාධ්‍ය කාලවක් බිහි කර තිබෙනවා. පක්ෂ සීයකට වඩා තිබෙනවා. මේ සියල්ල මැද මැතිවරණ තබමින් රට ඉදිරියට ගෙන ඒමට මහින්ද රාජපක්ෂ මහතාට හැකි වුණා. අද ආර්ථිකය සියයට 7.5 දක්වා වර්ධනය වෙලා.

විධායක බලතල ‍අහෝසි කරන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර තිබෙන්නේ. එජාපය, දෙමළ ජාතික සන්ධානය හෙළ උරුමය මෙයට සහභාගී වුණේ නැහැ. දැන් බො‍රුවට එළියට ඇවිත් විවිධ ප්‍රකාශ කරමින් තිබෙනවා. විකල්ප යෝජනාවක්වත් ඔවුන් මේ වන විට ඉදිරිපත් කර නැහැ.

ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුස්තාෆා මහතා:-

පොදු විපක්ෂය කියා ගනිමින් සුළු ජාතීන් අතර ප්‍රශ්න ඇති කරගනිමින් මැතිවරණය ජය ගැනීමේ ක්‍රියාවලියක් විපක්ෂය අරඹා තිබෙනවා. ඔවුන් සුළු ජාතීන්ගේ ගැටලු පිළිබඳව කිසිදා බැලුවේ නැහැ. ජනාධිපතිතුමා සුළු ජාතීන් කියා බැලුවේ නැහැ සියලු දෙනාගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට කටයුතු කළා. අප ඉදිරියේදීත් ජනාධිපතිවරයා සමඟ එකතුවී මේ රටේ සුළු ජාතීන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට බලාපොරොත්තු වෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.