2014-11-22

මෛත්‍රීෙග් සොයුරෙකු අත්අඩංගුවට ගැනීමට CIDය පොළොන්නරු යයි

විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග තරඟ කිරීමට ඉදිරිපත් වූ සෞඛ්‍ය අමාත්‍ය හා ශ්‍රීලනිප මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් පොලොන්නරුව ප්‍රදේශය කරා පිටත්ව ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී.

පොලිස් පරීක්ෂක ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කණ්ඩායම පොලොන්නරුව පොලීසියේ CR321/2013 පැමිණිල්ල යටතේ පොලොන්නරුව ප්‍රදේශයේ වනජීවී කාර්යාලයකට ගිනි තැබීම හා රජයේ දේපළට හානි කිරීම සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම ක්‍රියාත්මක කිරීමට නියමිත බව ඉහත කී ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.

Source - infosrilankanews.com

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.