- බඳවා ගැනීම විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි, සෞන්දර්ය, දෙමළ සහ තොරතුරු තාක්ෂණය විෂයයන්ට
- ගුරු සහායකයන්ට වසර 4 නිම වීමට පෙර උපාධිය
- උපරිම වයස් සීමාව අවුරුදු 35යි
- පුහුණුව මහින්දෝදය විද්‍යාගාර දහසේදී
අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සමත් 50000ක් ගුරු සහායකයන් ලෙස බඳවා ගැනීමට රජය සූදානම් වේ. විද්‍යාව, ගණිතය, ඉංග්‍රිසි, සෞන්දර්ය විෂයන්, දෙමළ සහ තොරතුරු තාක්ෂණය විෂයන් ඉගැන්වීමට ගුරු සහායකවරුන් ලෙස මේ පිරිස බඳවා ගැනේ. බඳවා ගැනීමේ උපරිම වයස් සීමාව අවුරුදු 35කි.
ඈත දුෂ්කර පාසල්වල පවතින ගුරු හිඟය පියවීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබා දුන් උපදෙස්වලට අනුව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා මේ ගුරු සහායකවරුන් පිරිස බඳවා ගැනීමට අවශ්‍ය ක්‍රමවේදය සකස් කර කැබිනට් අනුමැතියට ඉදිරිපත් කර ඇත. පසුගිය සතියේ රැස් වූ කැබිනට් මණ්ඩලය මේ තීරණය ගෙන ඇති අතර රැකියා විරහිත මේ රටේ තරුණ තරුණියන් සඳහා මේ වැඩපිළිවෙළ සකස් කර ඇත.
ගම් මට්ටමේ පාසල් පාදක කරගෙන මේ ගුරු සහායකයන් පිරිස බඳවා ගැනීම සිදු කෙරේ.
බඳවා ගන්නා 50000ක් වන ගුරු සහායකවරුන් පිරිස වසර හතරක් ඉක්ම යාමට පෙර ජාතික අධ්‍යාපන ආයතනය මගින් අධ්‍යාපනවේදී උපාධියක් ලබා දීමට නියමිත අතර උපාධිය ලබා දීමෙන් පසුව මේ පිරිස ගුරුසහායකවරුන් ලෙස අන්තර්ග්රහනය කෙරේ. වසර හතරක් පුරා ගුරුසහායකවරුන් පිරිස රට පුරා ස්ථාපිත කර ඇති මහින්දෝදය පාසල් දහසේ ඇති විද්‍යාගාර තුළ පුහුණු කිරිමට නියමිතය.
මේ පිරිස සඳහා වසරින් වසර විභාග පැවැත්වෙන අතර ඔන් ලයින් ක්‍රමය යටතේ මේ පිරිස පුහුණු කිරිමටද නියමිතය.
ගුරුසහායකවරුන් බඳවා ගැනීම සඳහා නියමිත ගැසට් නිවේදනය ළඟදීම නිකුත් කෙරේ.
විශ්වවිද්‍යාල අධයාපනය සහ විද්‍යාපීඨ සඳහා සුදුසුකම් නොලත් පිරිස මේ අනුව ගුරු සහායකින් ලෙස ගුරු සේවයට බඳවා ගන්නා අතර මේ පිරිස පාසල්වලට අනුයුක්ත කිරිම සිදු කෙරේ.
මෙතෙක් රජයක් බඳවා ගත් විශාලතම ගුරු සහායකින් පිරිස මේ පිරිස වන බවත් මේ රැකියා විරහිත තරුණ තරුණියන්හට මින් උපාධියක් හිමිවනවා පමණක් නොවන අතර ඔවුන්ට ගුරු සහායක ලෙස උපාධිධාරි රැකියාවත් හිමි වන බවත් අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තරම් මේ රටේ අධ්‍යාපනය නංවාලීම සඳහා කිසිදු රාජ්‍ය නායකයකු කැපවූයේ නැති බවත් අධ්‍යාපනය නංවාලීම සඳහා මහවැලි ගඟ උතුරට හැරවීමට ගිය මුදලට වඩා මුදලක් එතුමා වැය කළ බවත් ගුණවර්ධන මහතා කියා සිටියේය.
උතුරු නැඟෙනහිර පළාත්වල ළමා මිතුරු පාසල් 1500ක්, ජාතික පාසල්වලට නොදෙවෙනි පහසුකම් ඇති විද්‍යාගාර භාෂාගාර ගණිතාගාර සහිත රට පුරා ද්වීතයික පාසල් දහසක් මෙන්ම ළමා මිතුරු පාසල් 5000ක් ඇති කරමින් මේ රටේ දරුවන්ට වඩාත් යහපත් හෙට දිනක් නිර්මාණය කරලීමට ජනාධිපතිතුමා ගත් උත්සාහය අධ්‍යපන ඇමැතිවරයා ලෙස තමන් අගය කරන බවද ගුණවර්ධන මහතා කියා සිටියේය. ඇමැති ගුණවර්ධන මහතා මේ බව අනාවරණය කළේ ඊයේ (06) පැවැති ගුරුවරුන් ඇගයීම සඳහා මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ පැවැති ගුරු ප්‍රතිභා ප්‍රභා උත්සවයට එත් වෙමිණී.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.