කැලණිය දළුගම ප‍්‍රදේශයේ විහාරයක චීවරධාරියකු අසභ්‍ය වීඩියෝ පට හා දර්ශන ඇතුළත් මෘදුකාංග ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් පෑලියගොඩ පොලීසිය මගින් ඊයේ (06) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසනවා. මෙම චීවරධාරියාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ප‍්‍රදේශවාසීන්ගෙන් ලැබුණ පැමිණිල්ලක් අනුවයි.
හිමිනම සන්තකයේ තිබී පරිගණකයක්ල අසභ්‍ය දර්ශන අඩංගු මෘදුකාංග හා විඩියෝ තැටි කිහිපයක් අත්අඩංගුවට ගෙන ඇත. අසභ්‍ය විඩියෝ දර්ශන නැරඹීමල ඒවා ළඟ තබා ගැනීමල ඒවාට පෙළඹවීම වැනි චෝදනා යටතේ මෙම හිමිනමට එරෙහිව නඩුපවරන බවද රෝහණ මහතා කීය.
දියුණු සංස්කෘතියක් ඇති ආසියාතික රටවල මෙම නීති තදින්ම ක‍්‍රියාත්මක කෙරෙන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.