2012-04-18

හොරණ ප‍්‍රාදේශීය සභාවේ රියැදුරෙක්ගෙන් කාන්තාවන් දෙදෙනෙකුට ප‍්‍රහාරයක්



කාන්තාවන් දෙදෙනෙකුට කියුණු ආයුධයකින් පහරදී පළා ගිය හොරණ ප‍්‍රාදේශීය සභාවේ රියදුරෙකු සොයා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. හොරණ අම්බගල ප‍්‍රදේශයේදී සැකකාර රියදුරා පහර දී ඇත්තේ මෝටර් රථයකින් පැමිණි මවකට සහ දියණියකටයි. තුවාල ලැබූ එම දෙදෙනා මේ වන විට රෝහල් ගත කර සිටිනවා. සැකකාර රියදුරා තමා පැමිණි හොරණ ප‍්‍රාදේශීය සභාවට අයත් කැබ් රථය දමා පළා ගොස් ඇති අතර එය මේ වන විට පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.