සීට්ටු මුදල් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් අනුරාධපුර, කුඩා නෙලුම්කුලම, ගල්කුලම ප්‍රදේශයේදී කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇත. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 55 ක කාන්තාවක්. තවත් කාන්තාවක් විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් පසුගිය 29 වන දින අදාළ කාන්තාව අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබුණා.
රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (06) පස්වරුවේ පහරකෑමට ලක්වූ කාන්තාව මියගොස් ඇති බවයි අනුරාධපුරය පොලිසිය පවසන්නේ.
මෙම මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අනෙක් කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. අනුරාධපුරය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.