2015-12-05

සමථ මණ්ඩලයට අපහාස කළ ආයුර්වේද වෛද්‍ය සිසුවා අත්අඩංගුවට

රාජගිරිය ආයුර්වේද විශ්ව විද්‍යාල මණ්ඩපයේ සිසුන් දෙදෙනෙකු අතර ඇති වූ පහරදීමක් සම්බන්ධ ආරවුලක් සමථ මණ්ඩලයට යොමු කිරීමෙන් පසු එම පැමිණිල්ල සමථ මණ්ඩලයේ සභාපති එච්.ඒ. චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විභාග කරගෙන යද්දී සමථ මණ්ඩලයට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විත්තිකාර සිසුවා අත්අඩංගුවට ගැනුණු බව මිරිහාන පොලීසිය පවසනවා. පැමිණිලිකාර සිසුවා අසභ්‍ය චිත්‍ර‍පටයක් බලන බවට සාක්ෂියක් ලෙස ඔහු ජංගම දුරකථනයේ පටිගත කළ එම දර්ශන ඇති බව විත්තිකාර සිසුවා සමථ මන්ඩලය හමුවේ කියා සිටියේය. 

නඩුව සමතයකට පත් කර නොගන්නේ නම් පැමිණිලිකරු නිල් චිත්‍ර‍පට බලන්නකු බවට සාක්ෂියක් ලෙස ඉදිරිපත් කළ එම දුරකථනයද පොලිස් භාරයට ගනු ලැබීය. නීතිවේදියකු පැවසුවේ නිල් චිත්‍ර‍පටය බැලූ සිසුවාද අත්අඩංගුවට ගත යුතු බවයි. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.