2016-02-29

අධ්‍යාපන ඇමැතිට එරෙහිවත් පැමිණිල්ලක්

අධ්‍යාපන අමාත්‍යවරයාගේ නිර්දේශ මත මේ වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසයේදී ජාතික පාසල්වලට බඳවාගත් අනධ්‍යයන සේවකයන් සියලු දෙනාගේ පත්වීම් ලිපියේ පත්වීම ලබාගත් දිනය ලෙස පසුගිය වසරේ දෙසැම්බර් මාසය සඳහන් වන බව ලංකා ගුරුසේවා සංගමය සඳහන් කරයි.

අයවැය යෝජනාවකට අනුව මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට රාජ්‍ය සේවයට එක්වන පිරිසට විශ්‍රාම වැටුප් අහිමි වී යන නිසා මෙම වංචාව සිදුකළ බවට වාර්තාවන බවත්, මේ නිසා මේ පිළිබඳව හෙට (01දා) දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට පැමිණිලි කරන බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි.

මීට අමතරව අධ්‍යාපන අමාත්‍යවරයාගේ නිර්දේශ මත ඔහුගේ හිතවතුන් 2000කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට අනධ්‍යයන සේවකයන් ලෙස බඳවාගෙන සිටින බවද ඔහු පවසා සිටියේය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.