2013-01-21

අයියයි පෙම්වතායි එක්ව නැගණිය දූෂණය කරයි


සොහොයුරා සහ පෙම්වතා එක්ව දැරියක් දූෂණය කළ පුවතක් ඌරගහ ප‍්‍රදේශයෙන් වාර්තා වුණා. දැරියගේ වයස අවුරුදු 14 ක්. ඇගේ නිවසේදී මීට මාස කිහිපයකට පෙර අපරාධය සිදුව තිබෙනවා. ඒ බව අනාවරණ වුයේ දැරිය හදිසියේම ගැබ් ගැනීමත් සමඟයි. ඇය එලෙස ගැබ්ගෙන ඇත්තේ සොහොයුරාගෙන් වූ දූෂණයෙන් බව වෛද්‍ය පරීක්ෂණවලින් හෙළිවුණා. එම සොහොයුරාද දැරියගේ පෙම්වතාද පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගැනුණු බවයි වාර්තා වන්නේ.
මේ අතර පෙම් සබඳතාවකින් දැරියක් රවටා ගෙන ගොස් ඇය දූෂණය කළ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඇල්පිටිය පොලීසිය විසින්. දූෂණය වීමෙන් අනතුරුව ඇය භූමිතෙල් පානය කර ඇති බවද වාර්තා වනවා. බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඇය පවසා ඇත්තේ 26 හැවිරිදි සැකකරු විසින් අකුරල හෝටලයකදී තමන් දූෂණය කෙරුණු බවයි. පෙම් සබඳතාව පැවතියේ සතියකටත් අඩු කාලයක් බවද ඇය ප‍්‍රකාශ කර තිබෙනවා. 

1 comment:

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.