2016-10-07

සිංගප්පූරුවේ ගණිකා සේවය කළ තරුණියගේ කඳුළු කතාව

16 හැවිරිදි ශ්‍රි ලංකා තරුණියක් සිංගප්පූරුවේ ගණිකා වෘත්තීයේ  යෙදී සිටියදී අත්අඩංගුවට ගැනිමට සිංගප්පූරු ආරක්ෂක අංශ සමත්ව තිබෙන බව සිංගප්පූරුවේ ස්ට්‍රෙයිට් ටයිම්ස් පුවත්සේවය අද (07දා) වාර්තා කළේය. පසුගිය වසරේ අගෝස්තු මස 6 වැනිදා මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

කෙසේ වෙතත් මෙම කතාවේ තවත් නොදුටු පැත්තක්ද එම පුවත් සේවය වාර්ත කරයි. ඇය අත්අඩංගුවට ගන්නා දිනය වන විට දින 12ක් තුළ ඇය ගණිකා සේවය පුද්ගලයන් 207ට ලබාදී ඇත. මූල්‍යමය අර්බුදයකට ලක්ව ඇති පවුලක තරුණියක් වෙන ඇය සිංගප්පූරුවට ගෙන්වා ගෙන ඇත්තේ ශ්‍රි ලංකාවේ ඇයගේ අසල්වැසියන් දෙදෙනෙකු විසින් බවටද තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

සිංගප්පූරුව තුළදී මසකට ගණිකා සේවයෙන් සිංගප්පූරු ඩොලර් 1400ක් පමණ උපයාගත හැකි බව පවසමින් ඇයව සිංගප්පූරුවට ගෙන්වාගෙන පසුව ඇයව ගණිකා සේවයට යොමුකර තිබේ. මෙම තරුණියගේ ආච්චි අම්මා කෙනෙක් උදර පිළිකාවකින් පෙළෙන අතරම පියා අධි රුධිර පීඩනයෙන් පීඩා විදින බවත් සිංගප්පූරු පොලීසිය තොරතුරු අනාවරණය කර තිබේ.

තරුණිය 2015 වසරේ ජුලි මාසයේදී සිංගප්පූරුවට පැමිණ ඇති අතර ඇයත් සමග එච්.එල්.පුෂ්ප සුරංග නම් 29 හැවැරිදි පුද්ගලයෙක්ද පැමිණ ඇති බවත් තරුණිය අත්අඩංගුවට ගත් දවසේ ඔහු සිංගප්පූරුවෙන් පිටව ගොස් තිබෙන බවටත් තොරතුරු අනාවරණය කරගෙන තිබේ. ඔහු සිංගප්පූරු පොලිසියට අවශ්‍ය පුද්ගලයෙකු බව ස්ට්‍රෙයිට් ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේය. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.