2012-05-04

Kapuwage Diyaniya issu manalaya Police kuuduwata


කපුවාගේ දියණිය ඉස්සූ මනාලයා පොලිස් කූඩුවට
මගුලක් කථාකළ කපුවාගේ 14 හැවිරිදි දියණිය කැන්දන් යාමේ පුවත් මිනිපේ මොරයාය හඳගනාව ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඊට හේතු වී ඇත්තේ මිනිපේ මොරයාය හඳගනාව ප්‍රදේශයේ තරුණියකට වෙනත් ප්‍රදේශයකින් තරුණයෙක් යෝජනා ස්ථිරත්වයෙන් මංගල්‍යයක් කිරීමට යෝජනා වී තිබිණි. එහෙත් මානලයා අදාළ නැකැත් දිනයේදී මනාලියගේ නිවසට යන අවස්ථාවේදී මනාලිය ඊට පෙර දින ඇයගේ පෙම්වතා සමග පැනගොස් තිබෙනවා. එය දැනගත් මනාලයා සහ මනාලයාගේ පියා මනාලිය නැත්නම් අපි වෙන කෙනෙක් කැන්දන් යමු යැයි කියා මංගල්‍ය කතා කළ කපු මහතාගේ 14 හැවිරිදි දියණියක් කැන්දන් ගොස් තිබෙනවා. කෙසේ වෙතත්  ඊට පැය කිහිපයකට පසු මනමාලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. 14 හැවිරිදි මනාලිය රෝහල් ගත කරනු ලැබ තිබෙනවා. බාල වයස්කාර දැරියක කෙළෙසී යැයි මනාලයා සහ ඊට අනුබල දුන්නැයි මනාලයාගේ පියා මෙන්ම කපු මහතාද සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.