2013-01-31

මොරටු ඉංජිනේරු සිසුන් නිසි ආරක්ෂාවක් ඉල්ලයි


තමන්ට නිසි ආරක්ෂාවක් ලබාදෙන ලෙසට ඉල්ලමින් මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් පිරිසක් අද සාමකාමී විරෝධතා පා ගමනක නිරත වුණා. ඒ පසුගියදා ජාතික තාක්ෂණ ආයතනයේ (NDT) සිසුන් එල්ල කළ ප‍්‍රහාරයට විරෝධය පළ කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්. මොරටුව සොයිසා පුර ප‍්‍රදේශයේ සිට විශ්වවිද්‍යාලය දක්වා පා ගමනින් පැමිණීමටයි ඔවුන් සැලසුම් කර තිබුණ පසුව සිය ඉල්ලීම් ඇතුළත් පෙත්සමක් විශ්වවිද්‍යාල උපකුලපතිවරයාට භාරදෙන බව ද මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ සංගමයේ සභාපති කසුන් සමරවික‍්‍රම පැවසුවා. මෙම විරෝධතාවට විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් දහසකට ආසන්න පිරිසක් එක්ව සිටියා. 

1 comment:

  1. රටේ ඉහලින්ම උසස්පෙළ සමත්වෙලා විශ්ව විද්‍යාලයට එන ළමයින්ට ආරක්ෂාව සැපයීමට විශ්ව විද්‍යාලයට නොහැකි වීම කෙතරම් ඛේදනියද?
    මෙයට ඇති හොඳම විසඳුම නම්( මෙයට උපකුලපති තුමා හා පරිපාලනය එකග වී ඇත) ජාතික තාක්ෂණ ආයතනය(NDT) හැකි ඉක්මනින් දියගම පරිශ්‍රයට රැගෙන යාමයි.
    හැකි ඉක්මනින් මෙය කිරීම තුලින් රටට වැඩදායක ඉංජිනේරුවන් හා තාක්ෂණික නිලදාරීන් උන දෙකොට්ටාශයම නිසි කලට ප්‍රමාණවත් තරමින් බිහිකළ හැකිවනු ඇත.

    ReplyDelete

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.