2013-06-02

විනිසුරුවරියගේ රියේ ලාංඡනය ගැලවූ සිසුන් අත්අඩංගුවට

උඩහමුල්ල නඩුකාර වත්තේ දී දීපානි විජේසුන්දර විනිසුරුවරියගේ වාහනයේ ලාංඡනයක් දින එකොළහකට පෙර සොරා ගත් බව කියන සිසුහු දෙදෙනෙක් ව්‍යාපාරිකයකුගේ රහස් කැමරාවේ උදව්වෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ හා මහරගම පාසල් දෙකක හත් වැනි පන්තියේ මේ සිසුන් දෙදෙනා පොලිසියට කියා ඇත්තේ විනෝදාංශයක් වශයෙන් එම ලාංඡන එකතු කරන බවයි. එක් සිසුවකු ළඟ එවැනි ලාංඡන 15ක් පමණ තිබී සොයාගෙන තිබෙනවා.

1 comment:

  1. යම් අයෙක් ඉතා අශෝභන ආකාරයෙන් මෙම පුවතට දමා තිබූ කොමෙන්ටුව ඉවත් කරන ලදී.

    ReplyDelete

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.