2013-07-27

ළමා සාරි අන්දවලා චිත්‍රපටි කරන්න බැහැ - ඒක නිසා කොටට ඇන්දුවා


'ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ' සිනමා පටය තාරුණ්‍ය ඉලක්ක කර නිෂ්පාදනය වූවක් බව තමාගේ සිනමා පටය ගැන අදහස් දක්වමින් ජනප්‍රිය සිනමා නළු අර්ජුන කමල්නාත් මාධ්‍යට පවසා තිබෙනවා. එබැවින් එහි රඟන කෙල්ලන්ට ළමා සාරි ඇන්දවිය නොහැකි බව පවසන අර්ජුන ඔවුන්ට වියදම් කර කොටට ඇන්දවූ බව ද කියා සිටිනවා. ඔහු පවසන්නේ කෙල්ලො කොටට ඇදීම ප්‍රශ්නයක් නම්, මුහුදු වෙරළේ නාන ඇදුම් ඇදන් සිටින සුද්දියන් සම්බන්ධයෙන් පවසන්නේ කුමක්ද යන්නයි.
මේ චිත්‍රපටයට ලක්ෂ 700ක් 800ක් වියදම් කර නැති බවත්, පවසන අර්ජුන මේ සදහා සාධාරණ මිලක් වියදම් කර ඇති බවත් පවසනවා. තම සිනමා පටයට පසුව නිර්මාණය වූ බොහෝ සිනමා පට තමාගේ සිනමා පටය ප්‍රදර්ශනය කිරීමට පෙර ප්‍රදර්ශනය කළ බවද ඔහු පවසනවා.
එසේම  'ඉගිල්ලෙන්න ඇයි දගලන්නේ' සිනමා පටයේ ඇත්තේ පිටපත් 25ක් පමණක් බවත් ඔහු කියා සිටිනවා.
 'ඉගිල්ලෙන්න ඇයි දගලන්නේ'  රීගල් සිනමා හලේ ප්‍රදර්ශනය පරක්කු කළේ එහි දැනට ප්‍රදර්ශනය වන නිකිනි වැස්ස නිෂ්පාදකයා එහි ප්‍රදර්ශනයට දින කිහිපයක් ඉල්ලූ නිසා යැයිද ඔහු සදහන් කර තිබෙනවා.
 'ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ' අර්ජුනගේ කුළුදුල් සිනමා නිර්මාණය වනවා.



1 comment:

  1. අර්ජුනගේ කතාවට මාත් එකගයි.චිත්‍රපටයක් කියන්නෙ ටෙලිඩ්‍රාමා එකක් වගේ නෙවෙයි.ඒ නිසා චිත්‍රපටියේ හැටියට සමහර ජවනිකාවලදී නිළියන් අඩනිරුවත් විලාසිතාවලින් පෙනීසිටීම වරදක් කියන්න බෑ.වරද ඒ ඇඳුම් ඇඳගෙන පාරේ ගියොත් විතරයි.

    ReplyDelete

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.