2013-12-09

මවක් වීමට බලාපොරොත්තු වනවා නම් ගෝවා කන්න

ගෝවා පවුලේ එළවළු ආහාරයට ගැනීම කාන්තාවන්ගේ ගැබ් ගැනීමට උපකාරීවන බව පර්යේෂණයකින් තහවුරුකරගෙන තිබෙනවා. බ්‍රිතාන්‍යයේ හාලේ සාපල්‍යතා චිකිත්සාගාරයේ පෝෂණවෙදිනියක වන නිමා සේවිඩස් පවසන්නේ කුඩා ගෝවා ගෙඩි අනුභවය ළමයින් ජනිත කරවීමට හේතුවන බවයි. එවැනි ආහාරවල අඩංගු පෝලික් අම්ලය ස්ත්‍රීන්ගේ ජනන ශක්තිය ඉහළ නංවයි. විටමින් වලින් අනූන බැවින් ශුක්‍රාණු ශක්තිය ඉහල යාමක් ද සිදුවන බව ඇය කළ පරීක්ෂණයෙන් තහවුරු වී ඇති බව ඇය පවසනවා.
සේවිඩස් මහත්මිය මෙසේ පවසන්නීය. '' මේ ගෝවා සහ ගෝවා පවුලේ එළවළු ආහාරයට ගැනීමෙන් කාන්තාවන්ගේ ජනක ශක්තිය වැඩිවෙනවා වගේම ශුක්‍රාණුවල ශක්තිය ඉහළ යාමක් ද සිදුවනවා. ප්‍රතිඵලය වන්නේ සාරවත් ශක්තිමත් ශුක්‍රාණු ගර්භාෂයට ගොස් සංසේචනය වීමේ අවස්ථාව ඉහළ දැමීමයි. ඒ වගේම ගබ්සාවීමේ අවදානමත් පහළ යන බව අපි තහවුරු කැර ගත්තා. "
ගෝවා ගෙඩියේ අඩංගු සංඝටක පිළිබද පරික්ෂා කළ ඇය වැඩිදුරටත් පවසන්නේ ගෝවා කුලයේ ආහාරවල ඇති ඩයින්ඩොලයිමීතේන් නමැති රසානිකය හේතුවෙන් කාන්තාවන්ගේ ලිංගික හෝමෝන සමතුලිතව තබාගැනීමට හැකියාව ලැබෙන බවයි. එය ද ගැබ් ගැනීම් සාර්ථක කර ගැනීමට උපකාරවන්නකි.

1 comment:

  1. පුළුවන් තරම් කෘමිනාශක ගහලා හදන ලංකාවේ ගෝවා කෑවොත් ඉක්මනින් පරලොව යන්න පුළුවන්.

    ReplyDelete

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.