2014-02-15

දුලිකා දැන් පෙම්වතියක්

නළු නිළියන්ට මංගල සීදු හැඬවිලා පෝලිමට විවාහ වෙන කාලේ නොසිතූ මොහොතක නොසිතූ කෙනෙක් පෙම්වතියක් වෙලා කියලා ආරංචි වුණා. ඒ වෙන කවුරුත් නෙවෙයි කවදත් කා එක්කත් හිතවත් දුලීකා මාරපන.
ඇත්තද පෙම්වතියක් කියන්නේ....?
ඔව්.... ඔව්.... කලවයසත් ගෙවිලා යනවානේ. පිළිවෙළක් වෙන්නත් ඕනෑනේ.....
හැංගි හොරා නැතුව දුලීකාත්උත්තර දුන්නා... හැබැයි පෙම්වතා කවුද කියලා කියන්න නම් දුලීකා කට ඉස්සර කර ගත්තේ නෑ.
නොදන්න කෙනෙක් නෙවෙයි. ඔයාලා හොඳට දන්න කෙනෙක්. කෙනා කවුද කියලා ඉක්මනින් කියන්නම් කෝ. 
ලේසියට දුලීකාගේ හිත හොල්ලනවා බොරු කියලා අපි හොඳාකාරවම දන්නවානේ. එහෙම එකේ දුලීකාගේ හිත හොල්ලන්න මේ කියන පෙම්වතාට තිබුණු සුදුසුකම මොකක්ද කියලා දැන ගන්න අපිට අයිතියක් තියෙනවා.
වෙන මොකුත් නෙවෙයි ඔයාලා අපි වගේ පොළවේ පය ගහලා ඉන්න මනුස්සයෙක්. අන්න ඒකයි මට වටින්නේ. දුලීකා අවංකවම කිව්වා. කොහොම වුණත් දුලීකාගේ ජීවිත පොතේ පෙරළෙන අලුත් පරිච්ඡේදයට SLM NEWS අපිත් අවංකවම සුබ පතනවා.

1 comment:

  1. ඉතිං කවුද මේ ආච්චිව බඳින ගොං ආතා

    ReplyDelete

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.