2014-02-15

පැල්මඩුල්ලේදී ගමනාගමනයට බාධා - විකල්ප මං අනුගමනය කරන්න - පොලීසියෙන් ඉල්ලීමක්

පැල්මඩුල්ල රජමහා විහාරස්ථානයේ සතර මහා දේවාල රන්දෝලි පෙරහැර හේතුවෙන් රත්නපුර - බලංගොඩ ඒ-4 මාර්ගය සහ රත්නපුර - ඇඹිලිපිටිය ඒ - 18 මාර්ගවල රථ වාහන ධාවනයට අද සහ හෙට පැයක පමණ කාලයක් බාධා ඇති විය හැකි බව පොලීසිය පවසනවා.
ඒ අනුව අද පස්වරු 3 සිට සහ හෙට රාත්‍රී 9 දක්වා එම මාර්ග අවහිර වීම් ඇති විය හැකිය.
විකල්ප මාර්ග ලෙස රත්නපුර - ඇඹිලිපිටිය මාර්ගය වෙනුවට රත්නපුර - නිවිතිගල හරහා වටාපොත- කහවත්ත හරහා මාර්ගය භාවිත කරන ලෙස පොලීසිය මහජනතාවට දැනුම්දෙයි.
එමෙන්ම රත්නපුර - බදුල්ල මාර්ගය වෙනුවට රත්නපුර - වේවැල්වත්ත මාර්ගය හරහා බලංගොඩ දක්වා මාර්ගය භාවිත කළ හැකි බව පොලීසිය කියයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.