2014-11-22

රාජ්‍ය මාධ්‍ය දෙපිළ බෙදෙයි

මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ඊයේ (21) සවස මාධ්‍යහමුවේදී ප්‍රකාශ කිරීමෙන් පසුව රාජ්‍ය මාධ්‍ය ආයතන බරපතල බෙදීමකට ලක්ව ඇති බව අනාවරණය වනවා.

ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, ලක්හඬ ගුවන්විදුලිය,ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සහ ලේක්හවුස් ආයතනය තුළ මෙම බෙදීම ඇතිවී තිබේ.

එම මාධ්‍ය ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කටයුතු කළ මාධ්‍යවේදීන් සහ නිලධාරීන් දැඩි වික්ෂිප්ත භායකට පත්ව රාජකාරි පවා නිසිපරිදි කර ගත නොහැකිව සිටින බව අනාවරණය වේ.

මේ අතරින් බොහෝ දෙනෙකු මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දක්වන බව පෙනෙන්නට ඇති බවත් ඉදිරියේදී එය එළි පිටම ක්‍රියාත්මක කෙරෙනු ඇති බවත් වාර්තා වේ.

1 comment:

  1. අහන්නත් සංතෝෂ පුවතක්... ස්තුතියි SLM News ඔබට

    ReplyDelete

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.