ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල සංශෝධනය කරන ලෙස ඉල්ලා ලාෆ් ගෑස් සමාගම පාරිභෝගික සේවා අධිකාරිය වෙත ඉල්ලීමක් යොමු කර තිබෙනවා. දැනට ලාෆ් ගෑස් සිලින්ඩරයක් අලෙවි වන්නේ රුපියල් 2046කටයි. එය රුපියල් 2246 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා මෙම ඉල්ලීම යොමු කර තිබෙනවා. මිල සූත්රයට අනුව ලබන ජනවාරි මස පළමුවැනිදා ගෑස් මිල සංශෝධනය විය යුතුයි.
මෙවර අවධානය යොමු වන්නේ පසුගිය ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ගණන් බව පාරිභෝගික සේවා අධිකාරිය ප්රකාශ කළා. එම කාලය තුළ ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල අඩු වී තිබුණා. මිල සංශෝධනය කිරීම සඳහා පාරිභෝගික සේවා අධිකාරියේ මිල පාලන කමිටුව ලබන සතියේ රැස්වීමට නියමිතයි
මේ අතර ලිට්රෝ ගෑස් සමාගම මෙතෙක් මිල සංශෝධනයක් ඉල්ලා නැහැ ඊට හේතු වී ඇත්තේ එම සමාගම මිල සූත්රයට ඇතුළත් නොවීමයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.