හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට සමාවක් ලබා ගැනීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග තමන් සාකච්ඡා ආරම්භ කළ බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර ටිරාන් අලස් මහතා පවසනවා. අප වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ පෞද්ගලික මට්ටමින් මෙම සාකච්ඡා පැවැත්වෙන බවයි.
පැවැති ගැටලූ රැසක් එහිදී නිරාකරණය කර ගැනීමට හැකි වූ බව ඔහු පැවසුවා. ඉදිරියේදීත් තවත් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමටයි මන්තී‍්‍රවරයා බලාපොරොත්තු වන්නේ. ජනාධිපති සමාවක් හිමිවීම සඳහා කිසියම් පාර්ශ්වයකින් ඉදිරිපත් වන යෝජනාවකට තම විරුද්ධත්වයක් නොමැති බව ෆොන්සේකා මහතාද ප‍්‍රකාශ කර තිබෙනවා. එම යෝජනාව ඔහුගේ පවුලේ කිසිවෙකු ඉදිරිපත් නොකරන බව සඳහන්. විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාද ෆොන්සේකා මහතාට සමාව ලබා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.2011-12-18
මන්තී‍්‍ර ටිරාන් ජනපති සමග ෆොන්සේකා පිළිබඳ සාකච්ඡාවක
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.