එප්පාවල කටියාව ප‍්‍රදේශයේදී පුද්ගලයන් සිවුදෙනෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා ප‍්‍රකාශ කළේ ඊයේ රාති‍්‍රයේ මෙම ඝාතනය සිදුව ඇති බවයි. එක් යුද හමුදා සෙබළෙකු, ඔහුගේ බිරිඳ , මව සහ මවගේ වැඩිමහල් සහෝදරිය මෙලෙස ඝාතනය කර තිබෙනවා.
එකම පවුලකට අයත් මොවුන් ඝාතනය කර ඇත්තේ ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වුණා. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැහැ.
2011-12-18
එප්පාවල සිවු පුද්ගල මනුෂ්‍ය ඝාතනයක්.
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.