සිය අවසන් වාර්තාවට පෙර නිකුත් කළ අන්තර් නිර්දේශ මේ දක්වා සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වී නැතැයි උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසම පවසනවා. අවසන් වාර්තාවේ නිර්දේශ මෙන්ම එම අන්තර් නිර්දේශ ද කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවයි කොමිසම වැඩිදුරටත් පවසන්නේ.
නීති විරෝධි සන්නද්ධ කණ්ඩායම් සම්බන්ධයෙන් සොයා බලා ඒවා නිරායුධ කිරීම එම අන්තර් නිර්දේශවලින් එකක්.
මේ අතර ඊලාම් ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂය හෙවත් ඊ පී ඞී පී සාමාජිකයන් විසින් අසාධාරණ අය කිරීම් සහ මුදල් පැහැරගැනීම් සිදුකර ඇතැයි පැමිණිලි ලැබී තිබෙනවා. එවා සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කළ යුතු බවයි කොමිසම නිර්දේශ කරන්නේ. එසේ නොවුනහොත් වරදකරුවන්ට දඩුවම් නොලැබෙනු ඇතැයි අසුභවාදී හැගීමක් සමාජගත වනු ඇතැයි පෙන්වා දී තිබෙනවා.
නීතියේ පාලනය තහවුරු කිරීම සදහා පිට පළාත්වල සේවයේ නියුතු පොලිස් නිළධාරීන්ට පරීක්ෂණ පැවැත්වීම හා අධිකරණයේ නඩු පැවරීම සම්බන්ධයෙන් පුහුණුවක් ලබාදීම කොමිසමේ තවත් නිර්දේශයක්. පිට පළාත්වල පොලිස් නිළධාරීන්ට උපදේශණයට හා මග පෙන්වීමට නීතිපති දෙපාර්තමේන්තුවේ ඒකක පිහිටුවන ලෙස ද නිර්දේශ කර තිබෙනවා. සෙසු ආරක්ෂක අංශවලින් පොලිසිය වෙන් කිරීම ද යෝග්‍ය වන බව තවත් නිර්දේශයක්. ස්ථිර ස්වාධීන පොලිස් කොමිසමක් පත්කිරීම තවත් වැදගත් අවශ්‍යතාවක් බව පෙන්වා දී තිබෙනවා. දඩුවම් පැමිණවීමේ දී දේශපාලන සබඳතා සැළකිල්ලට නොගන්නා ලෙසයි වැඩිදුරටත් නිර්දේශ කර තිබෙන්නේ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.