2011-12-18

දැරණියගල ඩිපෝවේ වර්ජනය අවසන්

දැරණියගල ඩිපෝවේ සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනය අත්හිටුවා තිබෙනවා. ඒ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතා සහ දැරණියගල ඩිපෝවේ සේවකයන් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.
සේවකයන් සිවුදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට එරෙහිව මෙම වර්ජනය ආරම්භ කෙරුණා. මේ නිසා අවිස්සාවේල්ල දැරණියගල ප‍්‍රධාන මාර්ගයේ බස් ධාවනය සම්පූර්ණයෙන්ම ඊයේ දිනයේ ඇනහිට තිබුණා. වැඩ තහනමට ලක් වූ සේවකයන් යළි සේවයේ පිහිටුවීමටයි පාලනාධිකාරිය තීරණය කර ඇත්තේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.