2011-12-23

හබරාදූවේ විරෝධතාවක්

හබරාදූව නගර මධ්‍යයේ අද දහවල් පැවැති උද්ඝෝෂණයක් නිසා ගාල්ල කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ගමනාගමනයට පැය 02 ක් පමණ තිස්සේ බාධා සිදු වුණා. එම උද්ඝෝෂණය සංවිධාන කර තිබුණේ හබරාදූව පොලිසීයේ ස්ථානාධිපතිවරයා වූ ඒ.බී. වෙදගෙදර මහතාට ලබා දී ඇති හදිසි ස්ථාන මාරුවකට විරෝධය පළ කරමින්.
උද්ඝෝෂකයන් විසින් ස්ථාන 04 කදී ටයර් ද පුළුස්සා දැමූණා. නීතියේ මළගම ලෙස සඳහන් මිනී පෙට්ටියක් ද ප‍්‍රදර්ශනය කෙරුණු බවයි අප වාර්තාකරු පවසන්නේ. ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරි මහතා එම ස්ථානයට පැමිණ සිදුකළ සාකච්ඡාවකින් පසු උද්ඝෝෂණය අවසන් කෙරුණා. නියෝජ්‍ය පොලිස්පතිවරයා එහිදී පොරොන්දු වූයේ ඒ.බී. වෙදගෙදර මහතාට ලබාදී ඇති හදිසි ස්ථාන මාරුව අවලංගු කරන බවටයි. එහෙත්, එවැනි පොරොන්දුවක් ලබානොදුන් බව අප පසුව කළ විමසීමක දී නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළා.


No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.