2012-11-16

මත්පැන් හලකට විරෝධය පාමින් මඩකලපු වැසියෝ විරෝධතාවක

මඩකලපුව මන්මුනේපත්තුවේ අලුතින් ඉදිකිරීමට අවසර ලබාදී ඇති මත්පැන් සැලට විරෝධය පළ කිරීමේ උද්ඝෝෂණයක් ඊයේ පැවැත්වුණා. වේඩර්කුඩියිරුප්පු, පුදුකුඩිඉරිප්පු, කිරාන්කුලම් ආදී ප්‍රදේශ රැසක ජනතාව මෙම උද්ඝෝෂණයට එක්ව සිටියා. උද්ඝෝෂණය පැවැත්වුණේ මඩකලපුව ගාන්ධි ප්‍රතිමාව ඉදිරිපිටදීයි. ගාන්ධි ප්‍රතිමාව අසලින් ආරම්භ වූ විරෝධතාව පසුව ගමනක් දක්වා වර්ධනය වුණා. පාගමන මඩකලපුව කච්චේරිය දක්වා ගමන් ගත්තා. 
මෙම මත්පැන් සැල සඳහා වූ අවසර පත්‍රය අහෝසි කරන ලෙසට වූ සංදේශයක් දිසාපතිවරයා වෙත බාර දෙන ලදී. ආරයම්පදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ මත්පැන් සල් 6ක් මේ වන විට ඇති බවත් මෙය 7 වන මත්පැන් හල බවත් මෙය වහා අහෝසි කිරීමට පියවර ගන්නා ලෙසත් ජනතාව එහිදී දිසාපතිවරයාගෙන් ඉල්ලීමක් කළා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.