2012-10-24

රජයේ ද්‍යෛ නිලධාරීන් හෙට වර්ජනයක


තම වැටුප් විෂමතා ඉවත් කරන ලෙස බල කරමින් හෙට දිනයේ දී  දීපව්‍යාප්ත  වැඩ වර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසුවේ හෙට පෙරවරු 08 සිට වර්ජනය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි. වෛද්‍යවරුන්ට හිමිවිය යුතු දීමනා සියල්ල ලබා ගැනීම ද මෙම වර්ජනයේ එක් අරමුණක්. තමන්ගේ ඉල්ලීම් සාධාරණ බව රජය පිළිගෙන ඇති බවයි වෛද්‍ය  නවීන් ද සොයිසා මහතා පැවසුවේ. එහෙත් එම ඉල්ලීම්වලට බලධාරීන් මෙතෙක් යහපත් ප‍්‍රතිචාරයක් නොදැක්විම හේතුවෙන් හෙට දිනයේ දී සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කළ බව වෛද්‍ය නවීන් ද සොයිසා මහතා වැඩිදුරටත් කියා සිටියා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.